අන්තර් කාලීන ආණ්ඩුවකට ඉඩ දීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා තනතුරින් ඉවත් විය යුතු බවට අවධාරණය කරමින් මහා සංඝරත්නය අද සංඝ සම්මුතියකට අත්සන් තැබුවා. කොළඹ නිදහස් චතුරස්රයේදී මහා සමුළුවක් කැදවමින් මෙම අත්සන් තැබීම සිදුකර තිබුණා.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ද එමගින් අවධාරණය කර ඇති අතර, එසේ නොවුණහොත් දේශපාලඥයන් ප්‍රතික්ෂේප කිරීමේ සම්මුතිය සම්මත කරන බවටද උන්වහන්සේලා අවධාරණය කර තිබෙනවා.