ලිට්රෝ ගෑස් සමාගම අද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තා. කෙසේ වෙතත් රජය පසුව නිවේදනය කළේ මෙම මිල වැඩි කිරීමට අනුමැතිය ලබානොදෙන බවයි.
සමාගම විසින් නිවේදනය කර තිබුණේ අද මැදියම් රැයේ සිට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 5175 ක් දක්වා ඉහළ දැමීමේ තීරණය ක්රියාත්මක බවයි. කෙසේ වෙතත් රජය පවසන්නේ ඊට ඉඩ නොදන බවයි.
එහෙත් මේ දක්වා කුමන තීරණය ක්රියාත්මක වේදැයි පැවැසිය නොහැකි බව වෙළදපොළ ආරංචි පවසනවා.