ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩුව එලවා දැමීම සදහා නරසිංහ අවතාරය ගෙන්වීමට කටයුතු කරන බව සිරි සමන්ත්‍රභද්‍ර හිමියන් පවසනවා.
ඒ වෙනුවෙන් උමංදා විහාරස්ථානයේ විශේෂ දේව කන්නලව්වක්ද පැවැත්වුණා.
පාලකයින්ට රටක් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරන උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාලකයින් සිය අඩුපාඩු අවබෝධ කරගනිමින් ඉවත්ව නොයන්නේ නම්, එලවා දැමීමට හෝ සිදුවන බවයි.
ජනතා විරෝධය පිළිනොගන්නේ නම්, ඒ සදහා විකල්ප ක්රමෝපායන් යොදා ගත යුතු බවද ඒ වෙනුවෙන් නරසිංහ අවතාරය අවදි කොට විනාශකාරී දේශපාලකයින් පන්නා දැමීම වෙනුවෙන් මෙම පූජාව සිදුකරන බව ද උන්වහන්සේ අවධාරණය කළා.
ඒ වෙනුවෙන් ජනතා සහභාගීත්වය සහිතව විශේෂ පූජාවන් උමංදා විහාරස්ථානයේ අඛණ්ඩව සංවිධාන කරන බවයි පූජ්‍ය සිරි සමන්ත්‍රභද්‍ර හිමියන් අවධාරණය කළේ.