සමීප මිතුරෙකු ලෙස තවදුරටත් ශ්‍රී ලංකාවට ඉන්දීය සහයවන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නා. ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හමුවී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සදහායි මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ. ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා සදහන් කර තිබෙන්නේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පවසා තිබුණේ මේ වන විට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 04 ක් පමණ ණයට ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දීය රජයෙන් තවදුරටත් සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන බවද අගමැතිවරයා පවසා තිබුණා.