ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා. ඛණිජ තෙල් අමාත්‍යංශය පැවැසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කළ බවයි. ප්‍රවාහන, සෞඛ්‍යය, ගුවන්තොටුපළ, දුම්රිය, වරාය ආරක්ෂක අංශ ඇතුළු සේවා සදහා පමණක් ඉදිරියේදී ඉන්ධන නිකුත් කරනු ඇති.
මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ කටාර් බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇති බවද රජයේ ප්‍රකාශකයින් පවසනවා. කටාර් රාජ්‍යයෙන් සහන ණය ව්‍යාපෘතියක් යටතේ ඉන්ධන මිලදී ගැනීමට අදාලවයි එම සාකච්ඡා පැවැත්වෙන්නේ.