ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් නෙරපා දැමීමට පියවර ගත්තා. ඒ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීම හේතුවෙන්. විපක්ෂ සන්ධානය එක් වී ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ රටේ පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව පවසමින්. විවිධ බාධක හමුවේ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වුණේ ඊයේ මධ්‍යම රාත්රියෙන්ද පසුවයි.
ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වීම හේතුවෙන් ඔහුට ධුරය අහිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර තිබෙනවා.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකුට සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ ලැබී නොමැති අතර, විවිධ දේශපාලන කුමන්ත්‍රණ හා ජනතා නැගීටීම් හමුවේ පවතින රජය වෙනස් වීම පාකිස්ථානය අනන්‍ය තත්ත්වයක් ලෙසද සැලකිය හැකියි.
කෙසේ වෙතත් විශ්වාසභංගයකින් පරාජයට පත්ව අගමැතිධූරය අහිමි වූ පළම පාකිස්ථානු අගමැතිවරයා වන්නේ ඉම්රාන් ඛාන් මහතායි.