ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කළා.
ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් පෙළුනු අයකු වූ අතර, විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් විසින්, පර්යේෂණාගාරයක් තුළදී ඌරකුගේ සිරුරේ ජාන වෙනස් කර හදවතක් නිර්මාණය කිරීමට සමත්ළ වුණා. පසුව එය බෙනට් ට බද්ධ කෙරුණු අතර, එය වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් ලෙසද හැදින්වූවා. මෙම සැත්කම සිදුකළේ පසුගිය ජනවාරි 7 වැනිදාි.
සැත්කම සාර්ථක වූ බව පර්යේෂකයින් විසින් පවසා තිබුණා. එමෙන්ම සුවය ලැබී බෙනට් සමග වෛද්‍යවරුන් ඡායාරූප පලකරන්නටද පියවර ගෙන තිබූ අතර, පළමු ඌරු හදවත් බද්ධයට ලක්වුණු පුද්ගලයා ලෙස බෙනද ලොකයේම ප්‍රසිද්ධියට පත් වුණා.
කෙසේ වුවද පසුගිය කාලයේ බෙනට්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වූ බවද එම තත්ත්වය හමුවේ ඔහු මරණයට පත්වූ බවද විදෙස් වාර්තාවල සදහන්.