ජූලි මාසයේ සිට ක්රියාත්මක වන පරිදි විශේෂිත පවුල් ඒකක සදහා රුපියල් 7500 ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මාස 06 ක කාලයක් සදහා අදාල දීමනාව පවුල් ලක්ෂ 32 ක් වෙනුවෙන් ලබාදෙන බවයි රජය පවසන්නේ.
ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව විසින් ලබාදෙන ඩොලර් මිලියන 400 ක ප්රතිපාදන ඒ වෙනුවෙන් යෙදවීමට නියමිතයි.
සමෘද්ධී ඇතුළු විවිධ දීමනා මේ වන විටත් ලබාගන්නා පවුල් වෙනුවෙන්ද රුපියල් 7500 ක අමතර දීමනාවද හිමුවනු ඇති. පවතින ආර්ථික අර්බුදයට මුහුණ දිම සදහා ජනතාව සවිබල ගැන්වීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.