ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය ජයගැනීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. හෙට ආරම්භ වීමට නියමිත තරගය පිළිබද කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ ඕස්ට්‍රේලියානු පිලට ප්‍රබල අභියෝගයක් ලබාදිය හැකි ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් බවයි.
ඔහු එය පැහැදිලි කළේ අවශ්‍ය මොහොතක හයේ පහරවල් එල්ල කළ හැකි ක්‍රිඩකයින් තම කණ්ඩායම සතුව සිටින බව පවසමින්.
කිසියම් හෝ කණ්ඩායමක් සමග පැවැත්වෙන තරගයක් සැහැල්ලුවෙන් සැලකිය නොහැකි බවද පැවැසූ දසුන් ශානක පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියාව ඒ අතින් ප්රබලතම කණ්ඩායමක් බවයි. එහෙත් තරගාවලිය ජයගැනීම සදහා සුදුසු මානසිකත්වයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට අවතීර්ණ වන බවද ඔහු පැවැසුවා.
දෙරට අතර පළමු විස්සයි 20 තරගය හෙට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි.