කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර රජය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට මේ බව දන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. මේ දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.
එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඉදිරියට සහයෝගී ක්‍රියාවලියක් වෙත අවතීර්ණ වීමට තීරණය කර ඇති බවයි රජය පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ ත්රස්තවාදයට අනුබලදීමේ චෝදනාව එම ආයතනයට එල්ල වී තිබුණා. මෙම කරුණු මත පදනම්වයි චැරිටි පුණ්‍යායතනයේ අරමුදලට තහනමක් පැනවීමට පියවර ගෙන තිබුණේ.