ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම සදහා කහ පැහැති ඇදුමකින් සැරසී හෙට පැවැත්වෙන තරගය නැරඹීමට පැමිණෙන්නැයි ක්‍රිකට් ලෝලීන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාල සංවිධාන කටයුතු සිදුවෙමින් පවතින බවයි නිරීක්ෂණය වන්නේ.
ශ්‍රී ලංකාව රටක් ලෙස අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින අවස්ථාවක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පැමිණ විශාල ශක්තියක් ලබාදුන් බවද ඒ වෙනුවෙන් ඔවුන්ට ගෞරවය දැක්වීම ලක්වාසී සැමගේ යුතුකමක් වන බවද සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවන පණිවුඩවල දැක්වෙනවා.

