2022 වසරේ මැද භාගය වන විට කොරෝනා සහමුලින්ම තුරන්වීමට හෝ සාමාන්‍ය රෝග තත්ත්වයක් බවට පත්ව ජනජීවිතයට එල්ල කරන බාධාකාරී තත්ත්වය සම්පූර්ණයෙන් සමනය වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක තොරතුරු ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වීමද විශේෂත්වයක්. එය ලෝක මට්ටමින් පිළිගැනීමට ලක්වූ මතයක් බවටද පත්ව තිබෙනවා.
ගෝලීය වශයෙන් ඔමික්‍රොන් රැල්ල පැතිරීම සියයට 22 දක්වා වන බවත් පසුගිය සති කීපය හා සංසන්දනයේ දී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බවත් කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙනවා.
ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණහොත් මෙම වසර මැදවන විට වසංගතය ආවේණික රෝගයක් ලෙස පාලනය කළ හැකි බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.