සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 5ක් එක් රේඛාවක පිහිටව දුර්ලභ අවස්ථාවක් අද සිට දැකගත හැකියි.
එක්සත් රාජධානිය ඇතුළු උතුරු අර්ධ ගෝලීය රටවල් රැසකට පැහැදිලිව මෙම දර්ශනය නිරීක්ෂණය වන බවද හිරු උදා වීමට මිනිත්තු 45කට පමණ පෙර මෙය පැහැදිලිව දැකගත හැකි බවද තාරකා විද්‍යාඥයින් පවසනවා.
බුධ , සිකුරු , අඟහරු , බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් මෙලෙස එක පෙළට පිහිටන අතර, මෙම දසුන අද සිට ලබන 27 දා දක්වා ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.
බුධ ග්‍රහයා ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඇති හැකියාවද මෙහි ඇති තවත් විශේෂ කාරණයක්. නැවත මෙවැනි දසුනක් නිරීක්ෂණය කළ හැක්කේ 2040 වසරේදීයී.