මාස 4කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. ලිට්රෝ සමාගම සහ ලෝක බැංකුව අතර එම ගිවිසුම් අත්සන් තැබෙනු ඇති. ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස් තොගය දිවයිනට ලබාගැනීමට නියමිත අතර, ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90 ක්. ඉන් ඩොලර් මිලියන 20 ක් ලිට්රෝ සමාගම ලබාදෙන අතර ඉතිරි ඩොලර් මිලියන 70 ලෝක බැංකුවෙන් ලබාගැනීමට නියමිතයි.
ඒ අනුව මූලික වශයෙන් ලබන මස 06, 10, 16, 19 සහ 21 යන දිනවලදී ගෑස් නැව් දිවයිනට පැමිණීමට නියමිත අතර, එමගින් දිවයිනේ සම්පූර්ණ ගෑස් අවශ්‍යතාව සපුරාලීමට හැකි බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
ජූලි 30 වනදා වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් දිවයිනට ලැබෙනු ඇති අතර, සෙසු ගෑස් තොග ක්‍රමානුකූලව හා අවශ්‍යතාව මත පදනම්ව දිවයිනට ගෙන්වාගැනීමට නියමිතයි.