යාපනය දිස්ත්රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්රවාහන සේවය සක්රීයව ක්රියාත්මක වෙමින් තිබෙනවා.
ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස මෙම සේවාවන් යාපනය ඇතුළු තදාසන්න ප්රදේශවල සක්රීය වෙමින් තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවැසුවේ.
යාපනය දිස්ත්රීක්කයේ මේ වන විට නගර ප්රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවා ක්රියාත්මකයි. එමෙන්ම එම සේවාවලට ඉහල ඉල්ලුමක් ලැබෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වනවා.