ෆේස්බුක් සමාජජාලාවේ පරිශීලකයින් සංඛ්‍යාව පහත වැටෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පරිශීලක පිරිස කෝටි 193 සිට 192 දක්වා කෝටියකින් පහත වැටී ඇති බවයි අනාවරණ වී තිබෙන්නේ.
මේ තත්ත්වය තුළ ෆේස්බුක්හි දැන්වීම් පළකිරීමද පහත වැටී ඇති අතර, ආදායම ද කැපීපෙනෙන ලෙස අඩුවී ඇති අතර, මේ තත්ත්වය තුළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ආදායම ද පහත වැටී තිබෙනවා. ඔහු ප්රකෝටිපතියන් දස දෙනා අතර මීට පෙර රැදී සිටයත් මේ වන විට එම ස්ථානයද අහිමි වී තිබෙනවා.
ඔහුගේ දෛනික වත්කම් අහිමිවීම ඩොලර් බිලියන 31 ක් ලෙසද ගණනය කර තිබෙනවා.