ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද සිය දිවි සැරිය නිම කළා.
චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූ අතර, ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට මෙන්ම වේදිකාවද ජය ගැනීමට සමත් වූ කලාකාරිනියක් ලෙස ඇය හැදින්විය හැකියි.
සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වුණා.
අවසන් කටයුතු පිළිබද ඉදිරියේදී දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් පැවැසුවේ.