අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පුහුණු සැසියකට සහභාගී වුණා. අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට වෙනුවෙන් ඔහු පුහුණු කටයුතුවල නිරත වී තිබෙනවා.සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාල ඡායාරූප ප්‍රචාරය වුණා.
ඔහු සනත් ජයසූරිය භාවිතා කළ අංකයම යොදා ගනිමින් ක්‍රිකට් තරග සදහා අවතීර්ණ වීම විශේෂත්වයක්. එමෙන්ම රෝහිත රාජපක්ෂ මීට පෙර පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළා.
කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂ පවසා ඇත්තේ, තමන් දඹුල්ල කණ්ඩායමට තරග කරන බවට පැතිරෙන රාවයන් අසත්‍ය බවයි. මෙවර එල්.පී.එල්. තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය නිර්මාණය කිරීමේ කටයුතුවලට තමන් සම්බන්ධ වී සිටින බවත්, ඒ අනුව එම තේමා ගීතයට අදාළ රූගත කිරීම් පසුගියදා සිදුවූ බවද ඔහු පවසා තිබෙනවා.