පාර්ලිමේන්තුවට අසළ විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පන්නා දැමීමට පොලිසිය කදුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කළද ඒ සියළු උත්සාහයන් ව්‍යාර්ථ වුණා.
පොලිසිය දීර්ඝ වේලාවක් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළද සිසුන් එම ස්ථානයෙන් පන්නා දැමීමට හැකි වූයේ නැහැ.
මේ වන විට එම ප්‍රහාරවලට ලක්වෙමින් වුවද සිසුන් හා සහයෝගය දක්වන්නන් පාර්ලිමේන්තුව දෙසට වූ මාර්ගය පොල්දූව මංසන්දියෙන් අවහිර කරමින් මාර්ගයේ අසුන්ගෙන සිටිනවා.
එමෙන්ම පොලිසිය සතුව තිබූ ජලබවුසර්වල ජලය අවසන් වී ඇතැයිද කදුළුගෑස් ද අවසන්වී ඇතැයිද එම ස්ථානයේ තොරතුරු අනාවරණ කළා.