fbpx
More

    දින 10 ට 12 ට තෙල් නෑ – නැවක් එන්නේ ජූූූලි දෙවන සතියේ – ගෑස් නැවක් නම් එන්න නියමිතයි.

    Must read

    ජූූූලි මස 7 සහ 15 අතර කාලය තුළ ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙනු ඇති බවද ඒ දක්වා කාලය තුළ වඩාත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවනු ඇති බවද ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන ආකාරයට ලබන මස 15 සීමාව පනින තුරු රටට තෙල් නොලැබෙනු ඇති බව උපකල්පනය කළ හැකියි.

    කෙසේ වෙතත් සාගල රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන නෞකාවක් සදහා ඇනවුමක් ලබාදී ඇති බවයි. ජුලි දෙවන සතිය වන විට එම නෞකාව දිවයිනට පැමිණෙනු ඇතැයිද ඔහු අනුමාන කළා.

    එමෙන්ම පෙට්‍රල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා සිදුකරමින් සිටින බව පැවැසූ සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක්ද ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවයි.

    පුවත්පත් කර්තෘවරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී ඔහු මේ බව පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව