fbpx
More

    ට්‍රිලියනයක් අච්චු ගසයි – සති 06 න් අතුරු අයවැයක් සමග සහන රැසක්.

    Must read

    රුපියල් ට්‍රිලියනයක් අලුතින් අච්චු ගැසීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුපියල්වලින් හෝ අදායමක් නොලැබෙන තත්ත්වයක් තුළ අකමැත්තෙන් හෝ එම තීරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    රොයිටර් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පුරෝකතනය කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී උද්ධමනය සියයට 40 ඉක්වනු ඇති බවයි.

    එමෙන්ම ඉදිරි සති 06 තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කර, ජනජීවිතයට යම් හෝ සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවද පවසා ඇති වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති තවත් කාරණයක් වන්නේ, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යංශ කිහිපයක හැර සෙසු අමාත්‍යංශවල වියදම් අතිශය සීමා කිරීමටද සිදුවන බවයි.

    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් තිරසර ණය පැකේජයක් හිමිවනු ඇතැයි විශ්වාසය පලකරන අගමැතිවරයා පෙන්වා ‌දී ඇත්තේ, ඉදිරි වසර 02 ක කාලයක් සදහා සුබසාධන වියදම්වලට වැඩි ඉඩක් ලබාදෙමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමට සිදුවන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව