රට පිළිබඳ ශ්‍රී ලංකාවාසීන් සතුව ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම ආයතනය මේ බව පැවැසුවේ පුළුල්ව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි. “රට සිතන හැටි” නමින් දීපව්‍යාප්තව මෙම ජනමත සමීක්ෂණය සිදුකර තිබුණා.
ජනවාරි මාසයේ සිදුකළ මත විමසුමේදී ශ්‍රී ලංකාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ ජනතාවගේ සෑහීමකට පත්වීමේ මට්ටම සියයට 6 ක අගයක පැවැතුනු බවද මේ වන විට එම අගය සියයට 2 ක් දක්වා අඩුවී ඇති බවද එම සමීක්ෂණයේදී අනාවරණ වී ඇති කාරණයයි.
ජනවාරි මාසයේ සියයට 10 ක් ව පැවැති රජය පිළිබඳ ඇති කැමැත්ත සියයට 3 දක්වා අඩුවී ඇති බවද ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඍණ 96 ක් දක්වා පහත වැටී ඇති බවද මෙහිදී තහවුරු වී ඇති තවත් කාරණයක්.