තේ අස්වැන්න 15% න් පහත වැටී තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ අයපත් කාලගුණ තත්ත්වය හා පොහොර හිගය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.
2021 වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසය තුළ මෙම පහත වැටීම සිදුව ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.
කෙසේ වෙතත් කාලගුණය යහපත් වීම හා පොහොර නැවත ගෙන්වීමට කර ඇති සැලසුම් නැවතත් තේ කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන බවද ඔහු පැවැසුවා.