fbpx
More

    දශක දෙකකට පසු සිදුවූ ඛේදවාචකය – දරුවන් මව්තරුලේම මිය යයි.

    Must read

    ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ 1500 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    තලෙයිබාන් සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් 6 යි දශම 1 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූ කම්පනය හටගෙන තිබූ බවයි. දශක 02 කට පසුව ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූ කම්පනය මෙයයි.

    පක්ටිකා ප්‍රදේශයට වැඩි බලපෑමක් සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස රැසක් විනාශ වී තිබෙනවා. සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මියගොස් ඇති බවයි එම වාර්තා පැවැසුවේ. කුඩා දරුවන් මව්තුරුලේම ජීවිතක්ෂයට ඇති බවද එම වාර්තා පැවැසුවා. බොහෝ දෙනෙකු සුව නින්දේ පසුවන අලුයම් කාලයේ මෙම භූ කම්පනය සිදුව තිබීම ඊට හේතුවයි.

    භූ කම්පනයේ බලපෑම එල්ල වී ඇත්තේ කඳුකර ප්‍රදේශවලටයි. ඒ හේතුවෙන් හදිසි සහන කණ්ඩායම්වලට එම ස්ථාන වෙත ලගාවීම අපහසුවී ඇති අතර, ගුවනින් එම සහන කටයුතු සිදුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව සහන කණ්ඩායම්වල සැකයයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව