ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති පන්දුවාර 20 යි 20 අවසන් තරගයේදී වාර්තාවක් පිහිටුවීමට නායක දසුන් ශානක සමත්වී තිබෙනවා. ඒ, 20 යි 20 තරගයක අවසන් පන්දුවාර 4 දී ලකුණු 50 ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්.
ලෝක ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය ඉතා සුවිශේෂී වාර්තාවක් විය හැකි බවයි.
ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තුන්වන විස්සයි 20 තරයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු 176 ක් රැස් කළා.
කෙසේ වෙතත් තියුණු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි පන්දු 5 දී ලකුණු 177 ක් වාර්තා කරමින් තරගය ජයගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 25 දී ලකුණු 54 ක් රැස් කළා.