fbpx
More

    දැවැන්ත හර්තාලයකට රහස් සැලසුම් ?

    Must read

    දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. මෙවැනි හර්තාල් ව්‍යාපාරයකට මුල් වී ඇත්තේ සමගි ජනබලවේගය හා නිර්පාක්ෂික අරගලකරුවන් අතර පැවැති සාකච්ඡාවක්.

    මෙම සාකච්ඡාවේදී නිර්පාක්ෂික අරගලකරුවන් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එසේ ඉල්ලා අස්නොවන්නේ නම් ඉවත් කිරීමට අදාල වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවද නිර්පාක්ෂික අරගලකරුවන් යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව අදාල සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ ජූලි මස 09 දා රටපුරා හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කිරීමටයි.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණද ජූලි 09 ට කලින් දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. දින වකවානු මේ වන විට ප්‍රකාශයට පත්ව නැතත්, ඊට අදාල සංවිධාන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව