දූෂිත, අකාර්යක්ෂම, ජනතා විරෝධි හා යල් පැනගිය දේශපාලන ක්‍රමය අෙහෝසි කර, ඒ වෙනුවට අදූෂිත, කාර්යක්ෂම, ජන හිතකාමි හා නවීන දේශපාලන පද්ධති ක්‍රමයක් ඇති කිරීමට පියවර ගත යුතු බව ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකදීයී.
ශ්‍රී ලංකාව දැන් සිටින අවාසනාවන්ත තත්වයෙන් ගොඩගෙන සියලු දෙනාගේ ගෞරවයට හා අභිමානයට හේතුවන ශ්‍රී ලංකාවක් ප්‍රති -නිර්මාණය කිරීම මූලික කරගත් පුළුල් ඒකාබද්ධ ක්‍රියාවලියක් වෙත අවතීර්ණ වීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දී තිබෙනවා.
‘ප්‍රතිසංස්කරණය සඳහා ජනතා ව්‍යාපාරය’ සංවිධානයේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. වික්ටර් අයිවන් මහතා එම ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයෙක්.
වික්ටර් අයිවන් මහතා සමග එම සාකච්ඡාව සදහා ඩිල්රුක්ෂි ඩයස්, සරත් ප්‍රනාන්දු, මහේන්ද්‍ර ජයසේකර ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ.