චීනය, රුසියාව, ඇමැරිකාව, ප්‍රංශය ඇතුළු ප්‍රබල රටවල් න්‍යෂ්ටික යුද්ධයන් නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම ඒකාබද්ධ ප්‍රකාශය මෑතක නිකුත් වූ සුවිශේෂී ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි.
ලෝකයේ විවිධ රටවල් අතරත්, ලෝක බලවතුන් අතරත් විවිධ මත ගැටුම් නිර්මාණය වෙමින් පවතින මොහොතක මෙවැනි ඒකාබද්ධ තීන්දුවකට එළඹීම ලෝකවාසීන්ගේ ආරක්ෂාව පිළිබද ලබාදුන් සහතිකයක් ලෙස සැලකිය හැකියි.
න්‍යෂ්ටික අවි ඉහත කී සෑම රටක් සතුවම පවතින අතර, එම රටවල් අතරින්ම න්‍යෂ්ටික යුද්ධයක භිතිය තුරන්කරන ආකාරයේ නිවේදනයක් නිකුත් වීම ඉතා සුවිශේෂී කාරණයක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.