fbpx
More

    නැවතත් 09 කරළියට – ලොකු වෙනස්කමක් ?

    Must read

    ජූලි මස 09 වන දින දේශපාලනයේ තවත් වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව ඇතැම් වාර්තා පවසනවා. එම වෙනස කුමනාකාරයේ තත්ත්වයක්ද යන්න මේ වන විට විවාද සම්පන්න මාතෘකාවක් වී ඇති අතර, ඇතැම් වාර්තා පවසන්නේ ලබන 09 දා බොහෝ විට අලුත් මුදල් ඇමැතිවරයෙකු පත්කිරීමට ඉඩ ඇති බවයි.

    එමෙන්ම තවත් වාර්තාවල අගමැතිවරයෙකු අලුතින් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද සදහන් වුවද රජයේ ප්‍රකාශකයින් පෙන්වා දෙන්නේ එවැනි දෙයක් සිදුවීමට ඉඩක් නොමැති බවයි.

    මෙම කාරණය විවාදාත්මක මාතෘකාවක් බවට පත්වීමට හේතු වී ඇත්තේ පසුගිය දෙමස තුළ 09 දා සිදුවූ විපර්යාසයන් මුල්තැනට පත්වීමයි. මැයි මස 09 දා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉවත් වූ අතර, ජූනි 09 දා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වුණා. මෙම කාරණා මත පදනම්ව ලබන 09 දා තවත් වෙනසක් සිදුවේද යන්න පිළිබදයි මේ වන විට සංවාදයක් නිර්මාණය වී තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව