fbpx
More

    නිවසේදීම දරු ප්‍රසූතියට ලෑස්ති වෙන්න – ගැබිණි මව්වරුන්ට දැනුම් දෙයි.

    Must read

    නිවසේදීම දරු ප්‍රසූතිය සදහා සූදානම් වන ලෙස ‌රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය ගැබිණි මව්රුන්ට දැනුම් දෙනවා.

    එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සදහන් කර සිටියේ, පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ ඇති විය හැකි බාධාකාරී තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

    රටේ පවතින වතාවරණය හමුවේ මේ වනවිටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා ඇති වී තිබෙන බවද ඉදිරියේදී එම තත්ත්වයන් තවත් බැරෑරුම් විය හැකි බවද ඇය පැවැසුවා. එබැවින් අවශ්‍ය හා හදිසි අවස්ථාවලදී නිවසේ, ක්ෂේත්‍රයේ හෝ ඕනෑම ස්ථානයකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැලැසීමට තීරණය කළ බවයි ඇය සදහන් කළේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊට අදාල අනුමැතිය සිය සාමාජිකත්වය වෙත පවරා ඇති බවද දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව