ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවට විරෝධය පලකරමින් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී එම පක්ෂ නියෝජිතයින් මේ බව පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ වර්තමාන ආණ්ඩුව ගිරාපෝතක ආණ්ඩුවක් බවයි. ජනතාවගේ පීඩාව දුරු කිරීමට කිසිදු අවශ්‍යතාවක් වර්තමාන ආණ්ඩුවට නැතැයිද විපක්ෂ නායකවරයා පැවැසුවා.
මේ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාද අදහස් දක්වමින් පැවැසුවේ ජනතාව මහත් පීඩනයෙන් යුතුව සිටින බවයි. එම තත්ත්වයන් දුරු කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන බවද එම තත්ත්වයට විරෝධය පලකිරීම සදහා තම පක්ෂද සතියක කාලයක් සදහා පාර්ලිමේන්තුව වර්ජනය කරන බවද ඔවුන් අවධාරණය කළා.