පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් බවට තමන් නොපැවැසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවැසුවා.
“113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බව ජනාධිපතිවරයා පවසා ඇතත්, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකර කීමට පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නොමැති බවද කතානායකවරයා අවධාරණය කළා.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන මහතා හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නොවෙයි. පචයෙක්.
කතානායක:-
ටොන් පච කියන්නේ ඔබයි.
සජිත් ප්‍රේමදාස මහතා:-
මට කිසිම උවමනාවක් නැහැ බොරු කියන්න.ඔබතුමා ඒ ප්‍රකාශය කළ විට මා වෙලාවක් අරන් දෙන්න කිව්වා.ඔබ තුමා කියූ දේ විකෘති කර කතා කරන්න තරම් මා මෝඩයෙක්ද?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ජනාධිපතිතුමාට තිබෙන ප්රශ්නය වන්නේ එතුමා ගියොත් ඉදිරියට වන්නේ කුමක්ද යන්න බවත් පක්ෂ නායකයන් කියනවා නම් අස්වෙන්න සූදානම් බවත් ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී පැවසුවා.
කතානායක:-
ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ. ගන්න පුළුවන්. අපට 113 තියෙනවා.