fbpx
More

    පිටසක්වල ද ? වාමනයා ද ? අභිරහස් වස්තුව ගැන පුදුම හිතෙන අනාවැකි රැසක්.

    Must read

    ක්ෂීරපථයේ සැරිසරන බවට නිරීක්ෂණය වී ඇති නාඳුනන ආකාශ වස්තුව පිළිබද ලෝක විද්‍යාඥයින් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ආකාශයේ භ්‍රමණය වෙමින් තිබෙන මෙම වස්තුව පළමුව හදුනාගෙන තිබුණේ විශ්වවිද්‍යාල සිසුවෙකු විසින්. මෙම වස්තුව, සෑම මිනිත්තු 18 ට වරක් අධික ගුවන් විදුලි තරංග නිකුත්කරන බවද මේ වන විට හදුනාගෙන ඇති කාරණයයි.

    විශ්වයේ රැඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් බොහෝදුරට ලේඛනගතව පැවැතියද මිනිත්තුවක් පුරාවට ස්පන්දනය වන වස්තුවක් හමුවී ඇති පළමු අවස්ථාව මෙයයි.

    ඈත අභ්‍යවකාශයෙන් දකින්න ලැබෙන ගුවන් විදුලි සංඥා පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක්ද යන්න මේ මොහොතේ සාකච්ඡාවට භාජනය වී ඇති තවත් කාරණයක්.

    මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ බටහිර ඕස්ට්‍රේලියාවේ ජනශූන්‍ය කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මර්චිසන් වයිඩ්ෆීල්ඩ් ඇරේ’ ලෙස හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂ ව්‍යාපෘතිය හා කටයුතු කළ කර්ටින් විශ්වවිද්‍යාලයයේ ගෞරව උපාධි ශිෂ්‍ය ටිරෝන් ඕ’ඩොහර්ටි විසින්.

    කර්ටින් විශ්වවිද්‍යාලයය සම්බන්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසයි ඔහු කටයුතු කරන්නේ.

    ICRAR නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ, මෙම හදුනාගැනීම අනපේක්ෂිතව සිදුවූ බවයි. තාරකාවිද්‍යාඥයෙකුට බියක් ගෙන දෙන කාරණයක් ලෙස ද මෙය හැදින්විය හැකි බවත්, “අචිරස්ථායී වස්තූන්” ලෙස දැනට මෙම වස්තුව හැදින්විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

    නමුත් සම්පූර්ණ මිනිත්තුවක් ක්‍රියාත්මක වූ වස්තුවක් “ඇත්තටම අමුතු” කාරණයක් බව පවසන ICRAR සහ කර්ටින් විශ්වවිද්‍යාල තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය ගෙමා ඇන්ඩර්සන් පෙන්වා දී ඇත්තේ, මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000ක් පමණ දුරින් පිහිටා ඇති බවයි. ඇදහිය නොහැකි දීප්තියක් මෙන්ම අතිශයින් ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් එම වස්තුව සතු බව තහවුරුකර ගැනීමට එම කණ්ඩායමට හැකිවී තිබෙනවා.

    එය නියුට්‍රෝන තාරකාවක් හෝ, ‘සුදු වාමනයා’ ලෙස හඳුන්වන අන්දමේ හැකිළුණු තාරකාවක නටබුන් වියහැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව