fbpx
More

    පෙරළිකාර 07 – ජනපති අස්වෙයිද ?

    Must read

    ජූලි මාසයේ 07 වන දා වන විට ජනාධීපති ධූරයෙන් ඉවත්වන ලෙස භික්ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය කොබෙයිගනේ විජිත හිමි, පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා 11 නමක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    සිය ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, ලබන 07 වන දා සමස්ථ භික්ෂූන් වහන්සේලා කොළඹට පැමිණ නොනවතින අරගලයකට අවතීර්ණ වන බවද එම ලිපියේ සදහන් කර තිබෙනවා.

    මේ අතර මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වහාම රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල තත්ත්වයන් විසදීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මීට අදාලව පෙර යොමු කළ ලිපිය ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලා බලවත් කණ්ගාටුවද ජනාධිපතිවරයා වෙත පලකර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව