fbpx
More

    පොලිසියෙන් දිගට හරහට වෙඩි – අයෙක් මරුට – තවත් 04 ට බරපතලයි.

    Must read

    රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වූ එක් අයකු මියගොස් තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රකාශිකාවක පැවැසුවේ තවත් 04 ගේ තත්ත්වය ඉතා බරපතල බවයි. ඔවුන් දැඩි සත්කාර ඒකකයේ රදවා ප්‍රතිකාර ලබාදෙන බවද ඇය පැවැසුවා.

    මේ අතර තුවාල ලැබූ 11 දෙනකු කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. කෑගල්ල රෝහල් අධ්‍යක්ෂවරිය එක් අයකු මියගොස් ඇති බව තහවුරු කළා.

    පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වුණේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිවයි. පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඒ අතරතුරයි පොලිසිය විරෝධතාකරුවන් ඉලක්ක කරමින් වෙඩි තැබීමට පියවර ගෙන තිබුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව