ඉදිරි සති දෙක තුන ඇතුළත භාණ්ඩ මිලෙහි යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවැසුවේ, ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම තුළ මෙම සහනය හිමවන බවයි.
ඉදිරි සති දෙක තුන තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවන බවද ඔහු පැවැසුවා.