බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවීමටද නියමිත බවයි.
විශේෂ කාරණා කිහිපයක් පිළිබද කරුණු අනාවරණ කිරීමට ඔහු සූදානමින් සිටින බවද එම වාර්තා සදහන් කළා.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන මන්ත්‍රීධුරය සදහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා දිව්රුම් දීමට නියමිත බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනාවකට අනුව ඔහුට මන්ත්‍රීධුරය ලබාදීමට තීරණය කර ඇති බවත් එම වාර්තා පවසනවා.
මේ අතර ධම්මික පෙරේරා වෙත ආයෝජන ප්‍රවර්ධන හා වෙළද අමාත්‍යංශය බාරදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි රජයේ ආරංචි පවසන්නේ.