මන්කිෆොක්ස් ලොව පුරා පැතිරයමින් කොරෝනාවලට නොදෙවෙන අවධානමක් නිර්මාණය වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානියෙකු පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, ලොව පුරා රටවල් 53 න් මන්කිෆොක්ස් ආසාධිතයින් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එම රෝග තත්ත්වය ඉතා සීග්‍රයෙන් පැතිර යමින් ඇතැයිද එම ප්‍රධානියා අවධාරණය කර තිබෙනවා.
මේ වන විට ලොවපුරා හදුනාගෙන ඇති ආසාධීතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙනවා. එය අධි අවධානමක පෙරනිමිත්තක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මෙම අවධානම ආපසු හැරවීමට නම් ඒකාබද්ධ වූ සහයෝගී වැඩපිළිවෙලක් වෙත රාටවල් අවතීර්ණ වීම වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති කාරණයක්.