හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉතා සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. ඒ ඊයේ අගමැති නිල නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක් සහිත අපහාසාත්මක ප්‍රචාරණ ව්‍යාපෘතියක් මුල්කර ගනිමින්.
සිය පියයුරු මුල් කරගනිමින් සිදුවන මෙම අපහාසාත්මක ක්‍රියාව පිළිබද ඇය තබා ඇති ෆේස්බුක් සටහනයි මේ.
I am proud of my breasts! I breastfed three beautiful kids. I nurtured them, comforted them and dedicated my whole body for them. I am sure people who make fun of my exposed breasts ( due to the clash with the police) also sucked thier mothers nipples until its raw when they were infants.
Anyway when you are done talking, making memes and laughing about my breasts , there was ANOTHER civilian died in a queue… Just so you know!
මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි! මම ලස්සන ළමයි තුන්දෙනෙකුට කිරි දුන්නා. මම ඔවුන්ව පෝෂණය කළා, මගේ මුළු සිරුරම ඔවුන් වෙනුවෙන් කැප කළා.
(පොලිසිය සමඟ ඇති වූ ගැටුම නිසා) මගේ නිරාවරණය වූ පියයුරු විහිළුවට ලක් කරන අය ළදරුවෙකු ලෙස තම මව්වරුන්ගේ තන පුඩු එල්ලා වැටෙන තුරු උරා බොන්න්න ඇතැයි යන්න මගේ විශ්වාසයි.
කෙසේ වෙතත් මාගේ පියයුරු ගැන කතා කරමින්, විහිළු කරමින්, හිනාවෙමින් සියල්ල අවසන් වන විට තවත් සිවිල් වැසියෙක් පෝලිමක මිය ගොසින්.