ශ්‍රි ලංකාවේ දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට හදිසි ආධාර අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. සෑම දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පෝෂණය, මානසික සෞඛ්‍ය, පානීය ජලය, අධ්‍යාපනය වැනි කිසියම් හෝ ගැටළුවකට මුහුණ දී සිටින බව එම සංවිධානය පෙන්වා දෙනවා.
එමෙන්ම වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම අනුව ආසියාවේ දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා. යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ දරුවන්ගෙන් විශාල පිරිසක් මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මරණයට පත්වීමේ අවධානමක්ද ඇති වී තිබෙන බවයි.
ඉතිහාසයේ දරුණුම අවස්ථාවකට ශ්‍රී ලංකාව පත්ව සිටින බවද මේ තත්ත්වය තුළ මිලියන 6 ට ආසන්න දරුවන්ගෙන් හරි අඩකට හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බවද එම සංවිධානය පෙන්වා දී තිබෙනවා. එහි මූලික අදියර සදහා ඩොලර් මිලියන 25 ක හදිසි ආධාර රැස්කිරීමටයි එම සංවිධානය පියවර ගෙන තිබෙන්නේ.