fbpx
More

    මහානාමගෙන් නැවතත් ක්‍රිකට් බලාපොරොත්තුවක්.

    Must read

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි පිතිකරුවෙකු වන රොෂාන් මහානාම නව බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබෙනවා. ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවයි.

    ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස මීට මාස තුන හතරකට පෙර ආරාධනාවක් ලැබුණු බවද ඔහු සිහිපත් කර තිබෙනවා.

    තමන් පුහුණුකරු වූ පමණින් සියලුම ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීම් රැසක් ඇති බවද ඔහු පෙන්වා දී ඇති තවත් කාරණයක්. ප්‍රධාන පුහුණුකරු ලෙස තමන් පත්කර ප්‍රශ්න වසාගත නොහැකි බවද ඔහු පවසනවා.

    රෝෂාන් මහනාම මහතාගේ චරිතාපදාන කෘතිය වන ‘වේදනාත්මක සමුගැනීමෙන් යළි තීරක ලෙස පිටියට’ යන කෘතිය එළිදැක්වීමේ වෙනුවෙන් පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබුණා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසද මැද පෙළ පිතිකරුවෙකු ලෙසද කටයුතු කර ඇති මහානාම, 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම ද නියෝජනය කළා. එහිදී සුවිශේෂී දක්ෂතා දක්වමින් ලෝක කුසලාන සිහිනය සැබෑකර දීමට මහානාම දැක්වූ දායකත්වය විශිෂ්ටයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව