මහින්ද රාජපක්ෂ මහතා ලබන 09 දා ජාතිය හමුවේ ප්‍රකාශයක් සිදුකර අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි පවසනවා. ඔහු සිය තීරණය අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමටද දැනුම් දී ඇති බවයි එම ආරංචි පැවැසුවේ.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග අමාත්‍ය මණ්ඩලයද ව්‍යවස්ථානුකූලව අහෝසි වනු ඇති. මෙම තත්ත්වය තුළ නව අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කර තවදුරටත් රජය පවත්වාගෙන යන්නේද එසේත් නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු විමසා බලමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් සාකච්ඡා සිදුකරනු ඇති.
මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පවතින තත්ත්වය තුළ තවදුරටත් තමන්ට අගමැතිධූරයේ කටයුතු කළ නොහැකි තත්ත්වයක් පවතින බවයි. ආර්ථික අර්බුදය සහ ජනතාව පත්ව සිටින පීඩනකාරී තත්ත්වය විසදුම තමන් ඉල්ලා අස්වීම නම්, අගමැතිධූරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට තමන් සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේ දී සදහන් කර ඇති බවයි රජයේ ආරංචි පැවැසුවේ.