fbpx
More

    මහින්දත් එළිපිටම අරගලයට පසියි – කෙලින්ම ගොල්ෆේස් පිටියට.

    Must read

    හිටපු මැතිවරණ කොමසාරිස් සහ සීමා නීර්ණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ගෝල්ෆේස් පිටියට පැමිණ අරගලයට සහය පලකළා.

    රංගන ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි පසුගියදා කටුවාපිටිය දේවස්ථානයේ සිට කුරුසයක් කරමත තබාගෙන විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන ලෙස බලකරමින්.

    ඔහු අද දිනයේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ජනතා අරගල භූමියට පැමිණි අතර, ඔහුට සහය පලකිරීම සදහා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා.

    සීමා නිර්ණ කොමිෂමේ සභාපතිවරයාද වන ඔහු මෙම අරගලයට පැමිණෙනු ඇත බව කිසිවෙකු විශ්වාස කළ කාරණයක් නොවන අතර, ඔහුගේ මෙම හැසිරීමෙන් විරෝධතාවයේ නිරත ජනතාව මහත් සේ ප්‍රීති ප්‍රමෝදයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව