ටොන් 15000 ක ආහාර ඇතුළු මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. සහල් ටොන් 14, 712 ක්, ඖෂධ ටොන් 38 ක්, කිරිපිටි ටොන් 250 ක් මෙම මානුෂීය ආධාරවලට ඇතුලත්.
මීට පෙරද තමිල්නාඩු ප්‍රාන්තය විසින් මෙරටට මානුෂීය ආධාර යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
තමිල්නාඩු ප්‍රාන්ත ජනතාව විසින් එක්රැස් කරන ලද ආධාර මෙලෙස ශ්‍රී ලංකාවට යොමු කරන බවයි තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිවරයා එරට මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.