ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සඳහන් කර ඇත්තේ, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ප්‍රතිපාධන මේ සදහා යොදා ගන්නා බවයි.
මාස 6 ක් සඳහා දීමනාව ලබා දීමටයි යෝජනා වී තිබෙන්නේ.
දීමනාව ලබාදිය යුතු පවුල් හදුනාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා පවසා තිබෙනවා.