fbpx
More

    මැති ඇමැතිවරු පාර්ලිමේන්තුව තුළ සිරකිරීමේ සැලසුමක් – අරමුණ මැතිවරණක්.

    Must read

    පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගැනීම වෙනුවෙන් වූ දැවැන්ත අරගලයක් වෙත අවතීර්ණ වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා අවධාරණය කළා. ඔහු මේ බව පැවැසුවේ එප්පාවල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

    මෙම ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සැලැසුම ද ඔහු හෙළිකළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිරකර, ඒ ඔස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑම් කර මැතිවරණයක් ලබා ගැනීම සිය අරමුණ බවද ළගදීම එම අරගලය මෙහෙයවන බව ද ඔහු අවධාරණය කළා.

    ගෝඨා ගෝ හෝම් ලෙස ඇති ගෝල්ෆේස් අරගලයේ සටන් පාඨය වහාම මැතිවරණයක් ඉල්ලන තැනට වෙනස් විය යුතු බවද පැවැසූ ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැතිනම් තමන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සේවකයින් නොමිලේ යොදවා මැතිවරණය පැවැත්වීමට කටයුතු සංවිධාන කරදීමටද සූදානම් බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා,

    ‘‘ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා. පාර්ලිමේන්තුව ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඕන උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි , ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් අපි කියනවා, ඔය අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නෑ, ගෝඨාටත් කියනවා ඔයාගේ ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නෑ,

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව