සියලුම රථ වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ඉන්ධන ලබාදීමේ විශේෂ ක්රමවේදයක් සකස් කර තිබෙනවා.
අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්රහස්පතින්දා ද, 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ඉන්ධන සැපයීම සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෝටර් රථ, යතුරුපැදි සහ ත්රීරෝද රථවලට මෙලෙස ඉදිරියේදී ඉන්ධන සැපැයීම සිදුකිරීමටත් මේ සම්බන්ධයෙන් ජනතාව පුළුල්ව දැනුම්වත් කිරීමටත් රජය තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.