සහල් මිල පාලනය කිරීමේ වගකීම ජනතාවට භාරකරන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රජයේ පාලන ඉක්මවා අළෙවිකරන සහල් මිලදී නොගෙන පාලනන මිලට සහල් ඉල්ලා සිටීමේ අයතියක් ජනතාවට ඇති බවයි. එබැවින් පාලන මිල ඉක්මවා සහල් අළෙවි නොකිරීමට ව්‍යාපාරිකයින්ටද වගකීමක් පවතින බවයි ඔහු අවධාරණය කළේ.
ජනතාව සිය අයිතිය ඉල්ලා සිටින්නේ නම් සහල් වැඩිමිලට අළෙවි කිරීමේ හැකියාව අහෝසි වන බවද තමන් ඉදිරියේදී පාලන මිල ගණන් යටතේ වෙළදපොළට සහල් නිකුත් කරන බවද ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කළා.