fbpx
More

    යෝෂිතයි, බිරදයි කළු ඇදගෙන දිවයිනට ඇතුළු වූ හැටි.

    Must read

    යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ නිතීෂා ජයසේකර යන අය පසුගිය අඟහරුවාදා සිංගප්පූරු ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා. රාත්‍රි 11.45 ට පමණ ඔවුන් කටුනායක ගුවන්‌තොටුපල වෙත ලගාවී ඇති බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

    ඔවුන් පැමිණ ඇත්තේ ගුවන් තොටුපොළෙහි වාණිජමය වශයෙන් වැදගත් පුද්ගලයින් සඳහා වන පරිශ්‍රයෙන්. යෝෂිත සහ බිරිඳ ඔස්ට්‍රේලියාවේ සිට යළි ලංකාවට පැමිණ ඇති බව ද එම වාර්තා පෙන්වා දෙනවා. ඔවුන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. එරට සිටින ලාංකික ප්‍රජාව සහ සිවිල් සංවිධාන මෙම විරෝධතා සංවිධාන කර තිබුණා. තවත් කාරණයක් වන්නේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වීමද ආපසු පැමිණීමට හේතුවක්.

    හිස් වැසුම් සහිතවයි ඔවුන් දිවයිනට පැමිණ තිබෙන්නේ. එමෙන්ම කටුනායකින් පිටවන තුරුම ඔවුන් දෙදෙනා කළු ඇදුමින් සැරසී සිටි බවටද මේ වන විට තොරතුරු වාර්තා වනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව