fbpx
More

    රනිල් අගමැති කිරීම කලින් සිට කළ සැලසුමක ප්‍රතිපලයක් – මහබැංකු අධිපති එලවීමට අගමැති සැලසුම් කරමින් සිටින බවටත් තොරතුරක්. (වීඩියෝ)

    Must read

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීම හදිසියේ හෝ රටේ අවශ්‍යතාව මත සිදුවූවක් නොවන බවද එය රාජපක්ෂවරුන් කලින් සිදුකළ සැලසුමකට අනුව සිදුවූවක් බව ද සමගි ජනබලවේගය පවසනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවේ රටේ යම් අරගලයක් සිදුවන බව කල්වේලා ඇතිව දැනගැනීමට ලැබුණු බවයි. ඒ අනුව එවැනි අරගලයක් ඇති වූ වහාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සැලසුම් කර තිබූ බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත් චරිතයන් බව පිළිගන්නා බවද පැවැසූ නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ එසේ වුවද රට ඇද වැටී ඇති තැනින් ගොඩගැනීමට ඔහුටද හැකියාවක් නොමැති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව